කඩවත - කුරුණෑගල අධිවේගී පිවිසුමේ සොරකමක්

කඩවත - කුරුණෑගල අධිවේගී පිවිසුමේ සොරකමක්

October 22, 2023   06:55 pm

කඩවත - කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගයේ විදුලි කණුවලට භූගතව යොදා තිබු තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටි පුද්ගලයෙකු එලෙස කපන ලද කම්බි කිලෝ ග්‍රෑම් 60ක් සමග අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය මඟින් සිය භාරයට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම සොරකම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ ඇති බවය.

දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටින 29 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩවත පොලීසිය වෙත භාරදීමට නියමිත අතර දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිස් කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වත්වයි.