දික්වැල්ල වරදකරු වෙයි

August 16, 2024   05:09 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ.

2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී ඒ බව හෙළිවී ඇත.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු ඔහුට සියලුම ක්‍රිකට් තරග තහනම් වෙයි.