කුකුළේ ගඟ ජලාශය වාන් දමයි

කුකුළේ ගඟ ජලාශය වාන් දමයි

August 17, 2024   11:38 am

කළු ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකියයුතු වර්ෂාවක් ලැබීමත් සමඟ කුකුළේ ගඟ ජලාශය මේ වනවිට තත්පරයට ඝණ මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග ඉන්ජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ජී.ඩබ්.ඒ. සකුරා දිල්තාරා මහත්මිය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ගතවූ පැය 24 තුළ ලැබුණු අධික වර්ෂාපතනයත් සමග කළු ගඟෙහි ජල මට්ටම් සැලකියයුතු ලෙසින් ඉහළ යමින් පවතින බවය.