වතු නිවාස පෙළක් ගිනිගෙන විනාශ වෙයි

වතු නිවාස පෙළක් ගිනිගෙන විනාශ වෙයි

August 17, 2024   11:58 am

පූඩළුඔය පොලිස් වසමට අයත් සීන් වත්තේ වතු නිවාස 24ක් ගිනිගෙන විනාශවී ඇති බව පූඩළුඔය පොලීසිය පවසයි.

මෙම ගින්න ඊයේ (16) රාත්‍රි 8.00 පමණ එක් නිවසික් හටගෙන ඇති අතර, පසුව සෙසු නිවාසවලට වේගයෙන් පැතිරී ගොස් තිබේ.

කෙසේ වෙතත් පැතිරී ගිය ගින්න වතු කම්කරුවන් සහ පූඩළුඔය පොලීසියේ නිලධාරින් එක්වී දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්වී තිබුණි.

ගින්නෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති අතර, ගිනිගත් වතු නිවාසවල පවුල් 24කට අයත් සාමාජිකයන් 70කට ආසන්න පිරිසක් එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක මේ වනවිට රඳවා සිටී.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදුවූ හානිය ද මෙතෙක් තක්සේරු කර නොමැත.