ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් යාපනයෙන් ඡන්ද සටන අරඹයි

ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් යාපනයෙන් ඡන්ද සටන අරඹයි

August 17, 2024   02:06 pm

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ යාපනයේදී පැවැත්වීමට නියමිතය.

අද පෙරවරුවේ යාපනයට පැමිණි ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රථමයෙන් ශ්‍රී නාග විහාරයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවට සර්වජන බලයේ සෙසු පක්ෂ නායකයින්ද එක්විය.

එහිදී ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියන් බැහැදැක සර්වජන බලයේ දෙවෙනි කෙටුම්පත ද උන්වහන්සේ වෙත පිළිගැන්වීය.

ඉන් පසුව ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහහතා ප්‍රමුඛ පිරිස යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණ යාපනය රදගුරු පදවියේ අනුනායක ගරු පී.ජේ. ජේබරත්නම් පියතුමා හමුවිය.

උන්වහන්සේට ද එහිදී සර්වජන බලයේ දෙවෙනි කෙටුම්පත පිළිගැන්වීම සිදු කෙරුණි.

අනතුරුව ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහහතා ප්‍රමුඛ පිරිස යාපනය මොහිදීන් ජුම්මා පල්ලිය වෙත පැමිණ එහි ප්‍රධාන මවුලවි ඒ.එම්. රලීම් මවුලවිතුමා හමුවී ආශිර්වාද ලබාගත්තේය.

උන්වහන්සේට ද එහිදී සර්වජන බලයේ දෙවෙනි කෙටුම්පත පිළිගැන්වීය.

පසුව ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහහතා ප්‍රමුඛ පිරිස යාපනය නල්ලූර් කෝවිලට පැමිණ හින්දු ආගමික වතාවත්වල නිරත වුණි.

මාධ්‍ය අදහස් දක්වමින් සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ,

"අපේ මැතිවරණ ව්‍යාපාරයේ පළවෙනි රැලිය පැවැත්වීමට අපි යාපනය තෝරගත්තේ ඉතාම වැදගත් හේතුවක් නිසා. අපි විශ්වාස කරන්නේ එකමුතු ජාතිකත්වයයි. අපි නිශ්චිත වැඩපිළිවෙළක් සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කණ්ඩායමක්. අපේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. උතුරේ... නැගෙනහිර විතරක් නෙමෙයි ලංකාවේ සෑම කෙනෙකුගේම ජීවිත සතුටු කරන වැඩපිළිවෙළක්."