ජනාධිපති ධුර අපේක්ෂක අනුර තංගල්ලෙන් ඡන්ද සටන අරඹයි

ජනාධිපති ධුර අපේක්ෂක අනුර තංගල්ලෙන් ඡන්ද සටන අරඹයි

August 17, 2024   02:13 pm

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමට පවත්වන පළමු ජන රැලිය අද (17) පස්වරු 4ට තංගල්ලේදී ආරම්භ වීමට නියමිතය.

අනුර කුමාර දිසානායක මහතා අද සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ වෙහෙර විහාරස්ථානවල අභිවෘද්ධිය සඳහා ඇති අරමුදල් විනාශ කළ පුද්ගලයින් ජාතික ජන බලවේගයේ සංස්කෘතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් සිටින බවය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ වැල්ලවත්තේ පිහිටි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය වෙත පැමිණ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අනුර කුමාර දිසානායක මහතා බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් කෝවිලට පැමිණ හින්දු ආගමික වතාවත්වල නිරත වුණි.