කරුණාදාස කොඩිතුවක්කු සජිත්ට සහාය දෙයි

කරුණාදාස කොඩිතුවක්කු සජිත්ට සහාය දෙයි

August 17, 2024   04:21 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද (17) ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමග එක්විය.

ඒ, අද (17) අකුරැස්සේ පැවැත්වෙන ජන රැලියේදීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 27ක් පසුගියදා සමගි ජන සන්ධානය සමග ගිවිසුම් ගතවිය.

ඊට අමතරව එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් ඇතුළු පිරිසක් ද පසුගිය දින කිහිපයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක්විය.