දෙදරු පියෙක් ගංවතුරට බිලිවෙයි

දෙදරු පියෙක් ගංවතුරට බිලිවෙයි

August 17, 2024   10:21 pm

ඊයේ (16) ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ.

එම පුද්ගලයා ගේ සිරුර සොයාගෙන තිබුණේ අද (17) පස්වරුවේ කළුතර - ගොරකාදූව ප්‍රදේශයෙනි. 

මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  දෙදරු පියෙකි.