අයර්ලන්තය සමග පැවැත්වෙන දෙවන තරගය අද

අයර්ලන්තය සමග පැවැත්වෙන දෙවන තරගය අද

August 18, 2024   09:53 am

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී තරගය පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතව ඇත.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය අයර්ලන්ත කාන්තා කණ්ඩායම හිමි කර ගත් අතර අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වී තිබේ.