ජනපති සටනට ආ වලව්කාරයෝ 

ජනපති සටනට ආ වලව්කාරයෝ 

August 18, 2024   03:02 pm

එළැඹෙන ජනාධිපතිවරණයට නාමයෝජනා 39 දෙනෙකු ලබා දුන්නද, අපේක්ෂකයන් සිටින්නේ එක් අයෙකු පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ තව තරගකරුවෝ තිදෙනෙකු සිටින බවත්, ඉන් දෙදෙනෙකු වලව්කාරයෝ බවත් ය. 

එමෙන්ම චන්ද්‍රිකා, මහින්ද හා රනිල් යන සෑම අයෙකුටම ගොට්ට අල්ලන කෙනෙකුද ජනාධිපතිවරණයට තරග කරන බවද හෙතෙම පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ පා.ම. එස්.එම්. මරික්කාර්

"මේ මැතිවරණයේ නාමයෝජනා 39 දෙනෙකු දුන්නට එක අපේක්ෂකයයි ඉන්නේ. තව තරගකරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. වලව්කාරයෝ දෙන්නෙක් ඉන්නවා. රනිල් හාමුයි, නාමල් හාමුයි. තව එක්කෙනෙක් ඉන්නවා රනිල් හාමුට ගොට්ට අල්ලන එක්කෙනෙක්. එයා චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් එහෙමයි, මහින්දගේ ආණ්ඩුවෙත් එහෙමයි, රනිල්ගේ ආණ්ඩුවෙත් එහෙමයි."