තණමල්විල දැරියට බලපෑම් කළ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට 

තණමල්විල දැරියට බලපෑම් කළ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට 

August 18, 2024   04:00 pm

තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම දැරියට සාපරාධි බලහත්කාරයපෑමේ චෝදනාව මත ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ නමුත් අත්අඩංගුවට පත්වූ අධිකරණ වෛද්‍යවරයා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හැරිණි.

මෙම සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 21 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර හා පරිවාස භාරයට පත් කර සිටියි.

එමෙන්ම සිද්ධිය වසන්කළ බවට චෝදනා එල්ල වූ මෙම දැරිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සිව් දෙනෙකු මීට ඉහතදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.