මහනුවර ඇසළ පෙරහැරේ දියකෑපීමේ මංගල්‍ය ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහැරේ දියකෑපීමේ මංගල්‍ය ඇරඹෙයි

August 20, 2024   07:29 am

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රි වීදී සංචාරය කෙරුණි.

ඊයේ රාත්‍රී 6.57ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කෙරෙනු අවසන් රන්දෝලි පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීම සිදුකරනු ලැබුවේ ශ්‍රී දළදා මාළිගාවේ ඉන්දිරාජා හස්තියාය.

දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීම සිදුවුණි.

අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව අද (20) උදෑසන මහනුවර ගැටඹ තොටේ දී දිය කැපීමේ චාරිත්‍රය සිදුකිරීමට නියමිත බව "අද දෙරණ" වාර්තාකරු සඳහන් කළේය.