මන්කිපොක්ස් ආසාදිත මරණ 500 ඉක්මවයි
August 20, 2024 11:06 am
වඳුරු උණ හෙවත් 'මන්කිපොක්ස්' වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ.
අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී තත්ත්වය පුද්ගලයින් 16,000ක් පමණ මේ වන විට ගොඳුරු වී ඇති බව වාර්තා වේ.
'මන්කිපොක්ස්' වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබීය.
මෙම වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත් වැඩසටහන වේගවත් කරන ලෙස අප්‍රිකානු රටවල සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.