ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයි

ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයි

August 20, 2024   03:09 pm

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු ගාසා තීරයෙන් සොයාගත් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි. 

ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයෙන් එම 6 දෙනාගේ සිරුරු ඊයේ (19) සොයාගෙන තිබුණි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 109ක් හමාස් සටන්කරුවන් භාරයේ සිටින බවයි.

එම පිරිස 2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් දියත්කළ ප්‍රහාරය අතරතුරදී පැහැර ගැනුණි.

ඔවුන් බේරාගැනීම සඳහා ඊශ්‍රායල රජය කටයුතු කළ යුතු බව ප්‍රාණඇපකරුවන්ගේ ඥාතීහු පවසති.