ජනපති අපේක්ෂක විවාදයේ ඇරයුම දිලිත් පිළිගනී

ජනපති අපේක්ෂක විවාදයේ ඇරයුම දිලිත් පිළිගනී

August 20, 2024   05:37 pm

මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත සංවාදය සඳහා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක දනිඳු විතානවසම් මහතා පැෆ්රල් සංවිධානයට ලිඛිතව දැනුම්දී තිබේ.

එම ලිපියේ සඳහන් වන්නේ, ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ ඵලදායී සංවාදයක් සියැසින් දැක ගැනීමට අවස්ථාව සලසන මෙම වේදිකාව ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක් වන බව 'සර්වජන බලය' විශ්වාසය බවය.

විවාදයට ඇරයුම් ලබා ඇති සෙසු ජනධිපති ධුර අපේක්ෂකයන්ද මෙම ඓතිහාසික මොහොත යථාර්ථයක් කිරීමට එක්වනු ඇතැයි දිලිත් ජයවීර මහතා අපේක්ෂා කරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.

ඒ අනුව විවාදයට ආරාධනා කර ඇති සෙසු අපේක්ෂකයන් වන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ හා දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේත්‍රන් යන අයයි.

ඊට අදාළ ලිපිය පහතින් දැක්වෙයි.