හෙට තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම

හෙට තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම

August 20, 2024   06:37 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි.

එම තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක සිය සංගල ටෙස්ට් තරගයට සහභාගී වෙයි.

දකුණු අතින් මදවේග පන්දුයවන්නෙක් වන ඔහු වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවෙකි.

දිමුත් කරුණාරත්න
නිශාන් මධුෂ්ක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිවුස්
දිනේෂ් චන්දිමාල්
ධනංජය ද සිල්වා (නායක)
කමිඳු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
මිලාන් රත්නායක