T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයෙන් ඉවතට

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයෙන් ඉවතට

August 20, 2024   09:44 pm

බංග්ලාදේශය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා සිට පැවැත්වීමට නියමිතව තිබුණි

බංග්ලාදේශය තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් එය සැලසුම් කළ ලෙස බංග්ලාදේශයේම පවත්වනවාද, නැතිනම් වෙනත් රටකට රැගෙන යන්නේ දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත් දින කිහිපයේ සලකා බලමින් සිටියේය.

ඒ අනුව මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තා වෙයි.