දුප්පත්කම තුරන් කිරීමට නව වැඩපිළිවෙළක් -  සජිත්

දුප්පත්කම තුරන් කිරීමට නව වැඩපිළිවෙළක් -  සජිත්

August 20, 2024   09:49 pm

මෙරට සමූපකාර ව්‍යාපාරයද සම්බන්ධ කරගනිමින් ජන සවියෙන් ඔබ්බට ගිය දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (20) කොළඹ පැවැති උත්සවයකදීය.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමූපකාර කර්මාන්ත සහ වෙළෙඳ හමුව අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදීය.

මෙහිදී පළාත් 9ය නියෝජනය කරන සමූපකාර නායකයින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ගිවිසුමක්ද අත්සන් තැබුණි.