ජනපතිවරණයෙන් පසු සාමය රකින හැටි අනුර කියයි

ජනපතිවරණයෙන් පසු සාමය රකින හැටි අනුර කියයි

August 20, 2024   10:06 pm

ජනාධිපතිවරණය වෙනුවෙන් තම පක්ෂය ගොඩනගා ඇති කොට්ඨාස සභා ජනපතිවරණයෙන් පසුව ගමේ සාමය රැකීම වෙනුවෙන් යොදාගන්නා බව ජාතික ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (20) ගල්ගමුවේ පැවති ජනරැලිය අමතමිනි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිවයින පුරා පවත්වන " රට අනුරට " ජන රැලි මාලාවේ තවත් රැලියක් " පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් " යන්න තේමා කරගනිමින් අද පස්වරුවේ ගල්ගමුව නගරයේදී පැවැත්වුණි.