ජයන්ත ද සිල්වා දිවි සැරියට සමුදෙයි

ජයන්ත ද සිල්වා දිවි සැරියට සමුදෙයි

August 21, 2024   01:08 pm

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 78 වන වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසත් දශක තුනකට අධික කාලයක් සේවය කර තිබේ.

ඔහු විසින් ආරම්භ කළ ප්‍රඥා ප්‍රදීප ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් දුප්පත් දරුවන් රැසකට අත්වැලක් සැපයීමට හැකියාව ලැබුණි.

අභාවප්‍රාප්ත වනවිට ජයන්ත ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.