රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩි වෙන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩි වෙන්නේ මෙහෙමයි

August 22, 2024   04:34 pm

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව පහළ ශ්‍රේණි සඳහා 24%කින්ද අනෙක් තනතුරු සඳහා 24% සිට 50% දක්වා මූලික වැටුප වැඩිවෙයි.

එම වැටුප් වැඩි කිරීමේදී සුදුසුකම්, පළපුරුද්ද සහ ඔහු වර්තමානයේ සිදුකරන කාර්යය සලකා බලන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.