බෙන්තර ගඟේ අනතුරක් - දෙදෙනෙකු අතුරුදන්

බෙන්තර ගඟේ අනතුරක් - දෙදෙනෙකු අතුරුදන්

August 22, 2024   10:07 pm

බෙන්තර ගඟේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්වී තිබේ.

අද (22) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන යාත්‍රා කළ බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බලප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවකි. 

අනතුරින් අතුරුදන්ව ඇත්තේ බෙන්තර සංචාරක හෝටලයකින් පැමිණි දෙදෙනෙක් බව වාර්තා වෙයි.

ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.

මේ වන විට අතුරුදන්වී සිටින පුද්ගලයන් සොයා විමර්ශන පවත්වන අතර සිද්ධිය පිළිබඳව නාවික හමුදාව ද දැනුවත් කර තිබේ.

අලුත්ගම සහ බෙන්තර පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.