විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
August 23, 2024 02:09 pm
කතරගම, ගෝතමීපුර ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුව කතරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, එම පාසලේ පිරිමි ළමුන් තිදෙනෙකුව අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
අදාළ විදුහල්පතිවරයා විසින් තමන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බව පවසමින් එහි සිසුවකු සිය පංති භාර ගුරුවරයාව දැනුවත් කර ඇත.
අනතුරුව තවත් පිරිමි ළමුන් දෙදෙනෙකු ද එවැනිම වූ අතවරයන්ට තමන්ද ලක්වූ බවට පවසා තිබේ.
ඒ අනුව ඒ පිළිබඳව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත් එම පාසලේ දරුවන්ගේ මව්පියන් චෝදනා කරන්නේ මෙම සිදුවීම යටගැසීම සඳහා ඇතැම් කණ්ඩායම් ක්රියාකරන බවය.