ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය අතරමැද ඡන්දේ දාන්න නිවාඩුවක්

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය අතරමැද ඡන්දේ දාන්න නිවාඩුවක්

August 23, 2024   03:56 pm

නවසීලන්ත ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරග සංචාරයක් සඳහා එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතය.

එහිදී පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 18 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා සිට 30 වන දා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටී.

මෙම තරගාවලියේ ඇති විශේෂත්වය නම් පළමු ටෙස්ට් තරගය සඳහා විවේක දිනයක් නිවේදනය කර තිබීමයි.

එහිදී සැප්තැම්බර් 21, ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය, පළමු ටෙස්ට් තරගය සඳහා විවේක දිනයක් ලෙසින් නම් කර ඇත.

තරග දෙකකින් යුතු මෙම ටෙස්ට් තරග මාලාව ICC ලෝක ටෙස්ට් ශූරතා 2023 - 2025 තරග සමයට අදාළව පැවැත්වෙන්නකි.

වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා පිල මෙලෙස අතරමැද විවේක දිනයක් සහිත ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වන්නේ 2001 වසරෙන් පසුවය.

මෙම ටෙස්ට් තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇත.