තලතාගේ මන්ත්රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි
August 23, 2024 04:16 pm
පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ඒ රත්නපුර දිස්ත්රික් සමගි ජන බලවේගය නියෝජනය කෙරූ පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමගය.