දිනේෂ් චන්දිමාල් ව රෝහලට ගෙනයයි

දිනේෂ් චන්දිමාල් ව රෝහලට ගෙනයයි

August 23, 2024   08:46 pm

මාක් වුඩ් එවන ලද පන්දුවක් දකුණු අතෙහි මාපට ඇඟිල්ලේ ඇඟිල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් ව රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ ස්කෑන් පරික්ෂාවක් සඳහා බව වාර්තා විය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අදයි.

එහිදී පන්දුවට පහර දෙමින් සිටියදී චන්දිමාල් මෙම අනතුරට ලක්විය.

ඒ වනවිට චන්දිමාල් ලකුණු 10ක් ලබා සිටියේය.

මෙම ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස්කළේය.