අනුර හදන ආණ්ඩුව ගැන කරුණු කියයි

අනුර හදන ආණ්ඩුව ගැන කරුණු කියයි

August 24, 2024   03:55 pm

පොදු ජනයාගේ හා පාලකයාගේ අරමුණු සමපාත වන ආණ්ඩුවක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාතරදී පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුන් පිරිසක් විසින් සංවිධානය කරනු ලැබු හමුවක් ඊයේ (23) පස්වරුවේ මාතරදී පැවැත්වුණේ, ජාතික ජන බලවේගයේ ජානාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

"ඔබ මා කෙරෙහි තබන විශ්වාසය හානි වෙන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම ජනතාවගේ අරමුණ යහපත් ආණ්ඩුවක් ගොඩනැගීම. නමුත් පාලකයාගේ අරමුණ වෙනයි. ජනතාවගේ හා පාලකයාගේ අරමුණ දෙකක්. ජනතාවගේ හා පාලකයාගේ අරමුණ සමපාතවන ආණ්ඩුවක් අපි හදමු. රට ගැන ඔබ හා සමාන හැඟීමක් මට තිබෙනවා."