චීනයට තවත් ආපදාවක්

චීනයට තවත් ආපදාවක්

August 24, 2024   05:18 pm

චීනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් 14 දෙනෙකු අතුරුදන්වී ඇති බවද  සඳහන්ය.

ඊසාන දිග චීනයේ Liaoning පළාතට ගතවූ දින කිහිපය තුළ බලපා තිබු අධික වර්ෂාපතනයත් සමග එම ආපදා තත්ත්වය වාර්තා වී තිබුණි.

ගංවතුර අවදානම හේතුවෙන් එම ප්‍රාන්තයේ පුද්ගලයින් 50,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.