මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

August 24, 2024   06:28 pm

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (23) දිනය දක්වා ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 901කි.

ඊයේ පස්වරු 4.30න් අවසන් වු ගෙවුණු පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 65ක් වාර්ථා වී ඇත.

මින් වැඩිම ප්‍රමාණයක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.