මරදානේදී දුම්රියක් පීලි පනියි

මරදානේදී දුම්රියක් පීලි පනියි

August 25, 2024   07:26 am

මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබේ.

මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදුව ඇති අතර ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන  දුම්රිය වේදිකා අවහිරවී තිබේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන්  ප්‍රමාදයන් වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.