කාන්තාවක් ඝාතනය වෙයි

කාන්තාවක් ඝාතනය වෙයි

August 25, 2024   08:18 am

හොරණ, සිරිල්ටන්වත්ත ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (24) සවස් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇත්තේ පුද්ගලික ආරවුලක් දුරදිගයාමෙන් බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ, සිරිල්ටන්වත්ත, මීවනපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවකි.

මරණකාරිය හා නිවස ආසන්නයේ පදිංචිව සිටි පුද්ගලයෙකු සමග පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ අවුරුදු 40 හා 44 යන වයස්වල පසුවන කනන්විල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.