ජනාධිපති සහ රදගුරු හැරල්ඩ් ඇන්තනි හිමි අතර හමුවක්

ජනාධිපති සහ රදගුරු හැරල්ඩ් ඇන්තනි හිමි අතර හමුවක්

August 25, 2024   10:40 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි ඇතුළු රදගුරු සංගමයේ පියතුමන් පිරිසක් හමුව තිබේ. 

එහිදී රට තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම් අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී පියතුමන්ලා දැනුවත් කර තිබේ.