ජර්මනියේදී සිදුකළ ප්‍රහාරය ISIS භාරගනී

ජර්මනියේදී සිදුකළ ප්‍රහාරය ISIS භාරගනී

August 25, 2024   11:41 am

ජර්මනියේ සෝලින්ගන් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබේ.

ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ඔවුන් පවසා ඇත්තේ පලස්තීනය ඇතුළු ලොව පුරා පීඩාවට පත්වී සිටින මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පළිගැනීමේ අරමුණින් කිතුණුවන් ඉලක්ක කළ ප්‍රහාරකයා IS සංවිධානයේ සෙබළෙකු වන බවය.

පිහිඇනුමට සම්බන්ධ 15 හැවිරිදි තරුණයෙකු ද ඇතුළුව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු පිහිඇනුම සිදුකළේ තමන් බව පවසමින් පොලීසියට භාරවී ඇතැයි සඳහන්ය.

ඊයේ (24) මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලැබීය.

එහිදී අපරාධකරු විසින් එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක සිටි පුද්ගලයින්ට මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පලාගොස් තිබුණි.