මවක් සහ දරුවන් දෙදෙනෙක් දැදුරු ඔයේ ගිලෙයි

මවක් සහ දරුවන් දෙදෙනෙක් දැදුරු ඔයේ ගිලෙයි

August 25, 2024   03:41 pm

දැදුරු ඔයේ දියනෑමට ගිය එකම පවුලේ මවක් සහ දරුවන් දෙදෙනෙකු සැඩ පහරට ගසාගෙන ගොස් තිබේ.

අද (25) දහවල් මොවුන් බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී දිය පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුරට මුහුණදී ඇත්තේ 36 හැවිරිදි මව සහ ඇයගේ 9 හැවිරිදි සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනා ය.

ඔවුන් පේරගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

සැඩ පහරට හසුව අතුරුදන්වූ 09 හැවිරිදි දරුවාගේ මළසිරුර සොයා ගෙන ඇති අතර මව සහ අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක ය.

බෝගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.