ඇඟේ ගා ගන්නේ නැතුව සුද්ද කරන්නම් - අනුර

ඇඟේ ගා ගන්නේ නැතුව සුද්ද කරන්නම් - අනුර

August 25, 2024   09:31 pm

සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන රජයක් සහ නීති පද්ධතියක් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම පක්ෂය කොළඹදී සංවිධානය කළ කාන්තා රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

"ගැහැනු බලය එක මිටකට හෙට වෙනුවෙන්" මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ කාන්තා රැලිය කොළඹදී අද (25) පැවැත්විය.

ඒ පක්ෂ නායක ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පියවරෙන් පියවර ආර්ථිකය පොහොසත් කිරීම සඳහා කටයුතු කරන බවත් එතෙක් ආර්ථික අපහසුතා තිබෙන පීඩිත පවුල් සඳහා රුපියල් 10,000ක සහ 15,000 බැගින් මුදල් මාසිකව ලබාදෙන බවත්ය.  

ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

"අපි ආරම්භයේ සිටම සුද්ද කරන්නම්. ඇඟේ ගා ගන්නේ නැතුව... මතක තියාගන්න. බිය වෙන්න ඕනේ නීතියට."