තේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරයි

තේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරයි

August 26, 2024   10:35 am

තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් මේ යටතේ  අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
ඒ අනුව තේ සඳහා යොදා ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කර තිබේ.

තේ වගාව සඳහා යොදා ගන්නා  T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05ක මිල මෙලෙස අඩු කර ඇත.

මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 2400කි. 

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ මෙම මුදල රජයෙන් ලබා නොගෙන තේ වගාකරුවන්ට සහන සැළසීම සඳහා ලබා දීමට පියවර ගෙන ඇති බවය.

එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ලබා දීමට කටයුතු කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.