ඉන්දීය යුද නෞකාවක් කොළඹට

ඉන්දීය යුද නෞකාවක් කොළඹට

August 26, 2024   03:27 pm

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

වේගවත් යුද නෞකාවක් (Destroyer වර්ගයට අයත්)  වන මෙය දිගින් මීටර් 163කි. එමෙන්ම කාර්යය මණ්ඩලය 410 දෙනෙකුගෙන් සමන්විත වේ. 

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් සන්දීප් කුමාර් කටයුතු කරයි.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය මෙරට ප්‍රධාන ස්ථාන කිහිපයක සංචාරය කිරීමටද නියමිතය.

ඊට අමතරව බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පුහුණු අභ්‍යාසයක්ද පවත්වා මේ මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.