දුප්පත් පවුලකට මසකට රු.20,000ක් - සජිත්

දුප්පත් පවුලකට මසකට රු.20,000ක් - සජිත්

August 26, 2024   08:49 pm

වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සේරුවිල පැවති ජන රැලියට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

"මම කැමතියි විශේෂ නිවේදනයක් කරන්න. මේ රටේ ලක්ෂ ගණනක ජනයා දුප්පත්කමින් මිරිකිලා. අපි ජීවත් වීමේ මාර්ගයක් නැති දුෂ්කර ජීවිතයක් ගතකරන දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, අස්වැසුමෙහි එන හොඳ ගුණාංග ගෙන අඩුපාඩු ඉවත් කර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දුප්පත් පවුලකට මසකට රු.20,000ක් දෙනවා. මාස 24ක් තුළ දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පරිභෝජනය, ආයෝජනය,ඉතිරිය, නිෂ්පාදනය සහ අපනයනයට මේ ක්ෂේත්‍ර 5 ඔස්සේ දුප්පත්කම නැතිවිය යුතුයි. කවුරුත් කැමති නැහැ දුප්පත්කමේ රැඳීසිටින්නට. අපේ රටේ කිසිවෙකුට අත නොපා ජීවත්වීමට කැමති ජනතාවක්. කාන්තාව මුල්කරගෙන මේ සහන ලබාදෙනවා. කන්තලේ සීනි කම්හල ශක්තිමත් කරනවා. ප්‍රදේශයේ දියුණුව උදෙසා එය සිදුකරනවා සේරුවිල ජනතාවට ජයවේවා!"