ක්‍රිකට් තරග පවාදීමේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයා

ක්‍රිකට් තරග පවාදීමේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයා

August 28, 2024   07:22 am

ක්‍රිකට් තරග පාවාදීමේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයෙකුට මහනුවර මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

පොලීසිය පැවසුවේ 2024 මාර්තු 08 සිට 19 දක්වා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ලෙජන්ඩ් ක්‍රිකට් ශූරතා තරගාවලිය තුළ සිදුකළ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම දඬුවම් නියම කර ඇති බවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මඟින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

එම තරගාවලියේදී පන්ජාබ් රෝයල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ එංගලන්ත ජාතික ක්‍රීඩකයෙකුට සහ නවසීලන්ත ජාතික ක්‍රීඩකයෙකුට තරග පාවාදීමට යෝජනා කර ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව ඉන්දියානු ජාතිකයෙකු වරදකරු වශයෙන් නම් කර තරග පාවාදීමට අදාළව හා තරග පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහනුවර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේය.

අදාළ නඩුව ඊයේ (27) කැඳවූ අතර ඉන්දියානු ජාතිකයා එම අධිචෝදනා දෙක සඳහාම වරද පිළිගත් බව පොලීසිය පැවසුවේය.

මහනුවර මහාධිකරණ විනිසුරුවරයා විසින් එක් චෝදනාවකට රුපියල් මිලියන 5.5 බැගින් මිලියන 11ක් ද, අනෙක් චෝදනාවට වසර 02 බැගින් බරපතළ වැඩසහිතව වසර 10 බැගින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.