ව්‍යාජ විදේශීය මත්පැන් හැදූ ස්කාගාරයක් වටලයි

ව්‍යාජ විදේශීය මත්පැන් හැදූ ස්කාගාරයක් වටලයි

August 28, 2024   04:53 pm

සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලා තිබේ.

යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ (27) එම වැටලීම සිදුකර තිබේ.

දිගුකලක් තිස්සේ එම නීතිවිරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පාදන ස්කාගාරය මහර කඩවත ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගොස් තිබේ.

එම වැටලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී එම ස්කාගාරයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද විදේශීය විස්කි බෝතල් 54ක්, එම බෝතල් සීල් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර 2ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තොගයක් ද සොයාගෙන ඇත.

බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.