ජනාධිපතිවරණයට අදාළව පොලීසියට පැමිණිලි 62ක්

ජනාධිපතිවරණයට අදාළව පොලීසියට පැමිණිලි 62ක්

August 29, 2024   07:14 am

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 62ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීතිඋල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි වන අතර බරපතළ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි කිසිවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බව සඳහන්ය.

දිවයින පුරා පිහිටි සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ පැමිණිලි ලබා ගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර එම ඒකකවලට ලැබෙන පැමිණිලි දෛනිකව පොලිස් මුලස්ථානයේ පිහිටි විශේෂ මැතිවරණ කාර්යාලයේදී සමාලෝචනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලිවලට අනුව හඳුනාගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපෙක්ෂකයින්ගේ ආරක්ෂාවට මෙන්ම ජන රැලිවල ආරක්ෂාව සඳහා ද විධිමත් වැඩපිළිවෙලක් පොලීසිය විසින් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කෙරෙහි අවාධානය යොමුව ඇති බවය.