ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ විදුහල්පති රිමාන්ඩ්

ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ විදුහල්පති රිමාන්ඩ්

August 29, 2024   01:50 pm

පිරිමි දරුවන් කිහිපදෙනෙක් ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින විදුහල්පතිවරයා ලබන සැප්තැම්බර් 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අදාළ සිදුවීමට මුහුණදුන් දරුවන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් සහ මෙම සිදුවීම්වලට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතීඥවරයා ඉල්ලීමක් සිදුකර ඇත.

පසුගිය 22 වැනි දා කතරගම ගෝතමීගම කණිටු විද්‍යාලයේ සිදු වූ අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් එම පාසලේ ම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර අද උදෑසන 9 සිට ගෝතමීගම ගම්මානයේ දෙමව්පියන් අධිකරණ පරිශ්‍ර ඉදිරියේ නිහඬ උද්ඝෝෂණයක නිරත වී තිබේ.