මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

August 29, 2024   01:54 pm

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 118ක් ලැබී තිබේ. 

ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (28) දිනය දක්වා ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1347ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලැබි ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලාංඝණය කිරීම සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1285කි.

මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 06ක් සහ වෙනත් පැමිණිලි 56ක් ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.