ඩුබායි සිට ගෙන ආ ගීත්මාල් බෙනෝයි ගැන පොලීසියෙන් නිවේදනයක් 

ඩුබායි සිට ගෙන ආ ගීත්මාල් බෙනෝයි ගැන පොලීසියෙන් නිවේදනයක් 

August 29, 2024   06:57 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩුබායි සිට අද (29) මෙරටට රැගෙන ආ ගීත්මාල් බෙනෝයි සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සැලකෙන ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත්කර තිබූ බවයි.

සැකකරු වයස අවුරුදු 33ක් වන කිතුල්කඩවල කන්ද, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලීසිය පවසන්නේ මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම, පුද්ගල පැහර ගැනීම් සහ හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු කිහිපයක් සඳහා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර ඇති බවයි.

මෙම සැකකරු පාතාල කල්ලි නායකයෙකු වන මතුගම ෂාන්ගේ ගෝලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.