මහීෂ් තීක්ෂණ ගේ සාර්ථකත්වය ට හේතුවූ ආච්චි අම්මා 

මහීෂ් තීක්ෂණ ගේ සාර්ථකත්වය ට හේතුවූ ආච්චි අම්මා 

August 30, 2024   10:52 am

තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකත්වය ලැබීමට සිය ආච්චි අම්මා විශාල වශයෙන් හේතුවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි.

මේ වනවිට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කරා ගොස් සිටින තීක්ෂණ "Cricinfo" වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡා වකදී ඒ බව පැවසීය.
 
සිය ආච්චි අම්මා සම්බන්ධයෙන් විමසු විට තීක්ෂණ පැවසුවේ, "ඇය මා වෙනුවෙන් සියල්ලම සිදුකළා..."

තීක්ෂණ පවසා ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග්, ඉන්දීය ප්‍රිමියර් ලීග් පමණක් නොව ඩුබායි සහ ඔස්ට්‍රේලියාවේ තමන් ක්‍රීඩා කරන තරග නැරඹීමට ඇය පැමිණි බවයි.

"ඇය ක්‍රිකට්වලට ආදරෙයි. එසේම ක්‍රිකට් ගැන හොඳ දැනීමක් තියෙනවා. මම හරියට ක්‍රීඩා නොකරන විට ඇය අඩුපාඩු කියනවා. ඇය මා පිටුපස සිටීම මට විශාල ශක්තියක්. මම දැන් මේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා ඉන්නේ ඇය නිසා. ඇයට ඒ ගෞරවය හිමිවෙනවා.."