ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා ජනපති ව හමුවෙයි

ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා ජනපති ව හමුවෙයි

August 30, 2024   02:11 pm

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී තිබේ.

එම හමුව අද (30) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කර ගත් බවයි.

මේ අතර අජිත් දොවාල් මහතා අද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී අදහස් හුවමාරු කරගත් බවද වාර්තා විය.

මේ අතර මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක උපදේශක වරයා ඊයේ (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එසේම ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ විපක්ෂයේ දෙමළ මන්ත්‍රීවරු අතර හමුවක් අද (30) කොළඹ දී සිදුවිය.

 මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන් සහ පළනි දිගම්බරම් යන මන්ත්‍රීවරු එක්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.