අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

August 30, 2024   07:01 pm

ඉපලෝගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 522 පාබල බලසේවා මූලස්ථානයේ සේවය කළ යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි සෙබළෙකි.

කැකිරාව සිට එප්පාවල දක්වා ධාවනය කරමින් සිටි යතුරුපැදිය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ තිබූ දුරකථන කණුවක ගැටී එම අනතුර සිදුව තිබුණි. 

අනතුරින් පසු ප්‍රදේශවාසීන් තුවාලකරුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙයි.