අවුරුදු දෙකෙන් දුප්පත්කම නැති කරනවා -සජිත්

අවුරුදු දෙකෙන් දුප්පත්කම නැති කරනවා -සජිත්

August 30, 2024   09:23 pm

දිලිඳු ජනතාව නඟාසිටුවීම සඳහා සාර්ථකම වැඩපිළිවෙළ ඇත්තේ තමා සතුව බව සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිකවැරටියේ අද (30) පැවති ජන රැලියකදී ඔහු මේ බව කියාසිටියේය.

"රාජ්‍ය සේවය වෙනුවෙන් 24%ක වැටුප් වැඩි කිරීමක්. රු17,800 සිට 25,000 දක්වා ජීවන වියදම් දීමනාව ලබාදීම. රු 57,000ක අවම වැටුපක්. 6% - 36% දක්වා තිබෙන බදු සුත්‍රය වෙනුවට 1% - 24% දක්වා ක්‍රියාත්මක වන බදු සුත්‍රයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවය මැදපන්තිය රකින වැඩපිළිවෙලකට යොමු වෙනවා. ගොවින්ට කිලෝ 50 පොහොර මිටිය රු 5,000ට ලබාදෙනවා. රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබාදෙමින් වගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. දුප්පත්කම තුරන් කිරීමට ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය හැම වැඩසටහනකම හොඳ ගුණාංගයන් ටික අරගෙන අවුරුදු 2ක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. සමහර කුහකයෝ විවේචනය කරනවා කරන්න බෑලු. වැඩබැරි අයට බෑ තමා. කුරුණෑගල මේ ප්‍රා ස 30 ජීවත් වන මගේ ජනතාව අපි කුරුණෑගල ගොඩගන්නවාමයි. අපිට ඉඩ දෙන්න රට ගොඩගන්න. කවුද ජනතාවට පිහිට වෙන්නේ. හොඳට මතක තියා ගන්න ඔබේ දුකේදී ඉන්න එකම හිතවතා සජිත්."