අපේ ප්‍රතිපත්තියේ රටට අහිතකර කිසිවක් නෑ - නාමල්

අපේ ප්‍රතිපත්තියේ රටට අහිතකර කිසිවක් නෑ - නාමල්

August 30, 2024   09:32 pm

රටේ ඒකීයත්වයට හානිවන කිසිඳු වැඩපිළිවෙළක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (30) බියගම පැවැති ජන රැලියකට එක්වෙමිනි. 

"අපි හදන ප්‍රතිපත්ති හදන්නේ දෙවුන්දරතුඩුවේ ඉඳන් පේදුරුතුඩුව නියෝජනය කරන මේ මාතෘභූමියේ මහ පොළවේ පයගහලා ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්ණයට විසඳුමක් මිසක් එක් එක් දේශපාලන අරමුණු තියන අයගේ ප්‍රශ්ණවලට විසඳුම් හොයන්න නෙමෙයි. ඒ නිසා අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටට අහිතකර නීතියක් හෝ පනතක් නැහැයි කියන එකත් මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැහැයි කියන එකත් මේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ ඉඳන් ජනතාවගේ සුබසිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් තියනවා කියන එකත් අපි මතක් කරන්න කැමතියි."