කමිඳු හුදකලා සටනක

කමිඳු හුදකලා සටනක

August 30, 2024   11:04 pm

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 196ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් ලබා ගත්තේය.
 
අද දිනය ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 358ක් ලබා තිබුණි.

අනතුරුව ඔවුන් සියලුදෙනා ලකුණු 427කට දැවී ගියහ.

ජෝ රූට් ලකුණු 143යි. ගස් ඇට්කිංසන් ලකුණු 118යි.

අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුලු 5යි.